
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් නැමති තම සංවිධානයේ සම්මන්ත්‍රණයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සම්බන්ධීකාරකයකු වූ විශ්වනාදන් රුද්රකුමාරන් තමිල්නාඩු රජයට දොස් පවරා තිබේ.
ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් නැමති තම සංවිධානයේ ස්වයං ප්‍රකාශිත අගමැතිවරයා ලෙසත්, නිව් යෝර්ක් හි නීතිවේදියකු ලෙසත් කටයුතු කරන විශ්වනාදන් රුද්රකුමාරන් පැවසුවේ “ශ්‍රී ලංකාවේ මලයහ (උඩරට දෙමළ) ජනයාගේ වසර 200 ඛේදවාචකය” නම් වූ සම්මන්ත්‍රණයට අවසර නොදීමට ඉන්දියාවේ තමිල්නාඩු රජය ගත් ක්‍රියාමාර්ගය හෙළාදකින බවයි.
තමිල්නාඩුවේ ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් සාමාජිකයින් විසින් සංවිධාන කරන ලද එම සම්මන්ත්‍රණය ඔක්තෝබර් 15 වන දිනට නියමිතව තිබිණි.
අවසරය ප්‍රතික්ෂේප කිරීමේ මෙම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව මගින් දෙමළ ජනයාගේ භාෂණයේ නිදහස සහ සංවිධානය වීමේ නිදහස යන දෙකටම ඇති අයිතීන් උල්ලංඝනය කරඇති බව නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් සංවිධානය කියා සිටියේය.
එම සම්මන්ත්‍රණය මගින් ශ්‍රී ලංකාවේ මලයහ දෙමළ ජනයාගේ ජීවිත නගාසිටුවීමේ ක්‍රම සහ විධි සාකච්ඡා කිරීමට අදහස් කරතිබූ බව පැවසේ.
සමුළුවේ මුලසුන දැරීමට නියමිතව තිබුණේ විශ්‍රාමික තමිල්නාඩු විනිසුරු හරී පරන්තමන් විසින්.
සම්මන්ත්‍රණයේ කථිකයන් අතර සිවිල් නිදහස පිළිබඳ මහජන සංගමයේ සමස්ත ඉන්දීය ප්‍රධාන ලේකම් වී. සුරේෂ්, චිත්‍රපට අධ්යක්ෂ ගෝබි නයනාර්, ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් සංවිධානයේ සෙනෙට් සභික මහාචාර්ය සරස්වතී, තමිල්නාඩු සභාවේ සාමාජික එස්.එස්.බාලාජි, මදුරාසි මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ටී.එම්. ජොන්සන්, දෙමළ නීතිවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් සිටි බවද වාර්තා වේ.
ගෘහස්ථ සම්මන්ත්‍රණයක් ලෙසින් පැවැත්වීම සඳහා මාස එකහමාරකට පෙර පෙර ලිඛිතව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තමිල්නාඩු බලධාරීන් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති බවට ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් සංවිධානය චෝදනා කරයි.
මෙම සම්මන්ත්‍රණය තමිල්නාඩු රජය විසින් තහනම් කිරීමේ සිදුවීම නීතිමය වශයෙන් අභියෝගයට ලක්කිරීමට ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් සංවිධානයේ සාමජිකයන් පිරිසක් සූදානම් බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart