October 23, 2023

ගෙම්බන්ගෙන් ලේ බොන නව මදුරු විශේෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ පවසා ඇත්තේ, Uranotaenia Trilineata ලෙස මෙම විශේෂය හඳුනාගෙන ඇති අතර, එය දැනට ශ්‍රී ලංකාවේ වාර්තා වන කුඩාම මදුරු විශේෂය වන බවයි.

මෙම මදුරුවා මිලිමීටර් 02ත් 03ත් අතර ප්‍රමාණයකින් යුක්ත බව ප්‍රකාශ කරන ගයාන් කුමාරසිංහ, නවතම අනාවරණයත් සමඟ ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති මදුරු විශේෂ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වාදෙයි.

මීට වසර 108 කට පමණ පෙර දකුණු කොරියාවෙන් සොයාගත් මෙම මදුරු විශේෂය පසුව තායිලන්තයෙන් හඳුනාගෙන ඇති බවත්, පසුව එය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.