
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් අටදෙනා ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
සමුද්‍ර දූෂණය වැලැක්වීමේ පනත යටතේ පවරා ඇති අපරාධ නඩුව ඉදිරියට ගෙනයෑමට නීතිපතිවරයාට බලයක් නොමැති බවට තර්ක කළ විත්තිකරුගේ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නඩු විභාගය ඉදිරියට ගෙන යායුතු බවට තීන්දු කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් මහජන විරෝධය, ධීවර ප්‍රජාවට සිදු වූ පාඩුව සහ අනතුරට ලක් වූ යාත්‍රාවේ රුසියානු කපිතාන් විටාලි ටියුට්කාලෝ දීර්ඝ කාලයක් රැඳී සිටීම යන කරුණු සැළකිල්ලට ගෙන නඩු විභාගය හැකිතාක් කඩිනම් කරන ලෙසයි.
කෙසේවෙතත්, පළමු විත්තිකරු වන කපිතාන් ටියුට්කාලෝගේ නීතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ, ඔහුට 2024 අප්‍රේල් මස අවසානය දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් ඇති බැවින් නඩු විභාගය ලබන වසරේ ජනවාරි මාසයේදී දිනයක් නියම කළ හැකි බවයි.
මෙම වසරේ නඩු විභාගය පැවැත්වීමට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකඟතාවකට පැමිණ නැත.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු තොටවත්ත මහතා නඩු විභාගය ජනවාරි 12 වැනිදාට නියම කළේය.
කපිතාන් ටියුට්කාලෝ හැර මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන්නේ, නෞකාවේ දේශීය නියෝජිත, සී. කොන්සෝටියම් ලංකා (පෞද්ගලික) සමාගම, අර්ජුන ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි, දේවින්ද හෙට්ටිආරච්චි, මලින්ද හෙට්ටිආරච්චි, අමින්ද හෙට්ටිආරච්චි, පණ්ඩුක වීරසේකර සහ සංජීවක වීරසේකර යන අයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart