
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) බෙයිජිංහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතය.
ද්විපාර්ශ්වික කරුණු රැසක් සම්බන්ධයෙන් නායක දෙපළ සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.
ජනාධිපතිවරයා මේ දිනවල චීනයේ සංචාරයක නිරත වන්නේ අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන තුන්වන ‘තීරය සහ මාර්ග’ සමුළුවට සහභාගිවීම සඳහාය.
ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (19) චීන මුදල් ඇමැති ලියු කුං හමුවිය.
දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන සහ ශ්‍රී ලංකාවේ ණය ප්රශස්ත කිරීම අරමුණු කරගත් මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් සහයෝගයක් ලබාදීමට චීනයේ කැපවීම චීන මුදල් ඇමැතිවරයා එහිදී තහවුරු කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද ඊයේ (19) පස්වරුවේ බීජිං නුවරදී සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart