
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අති විශේෂ මත්පැන් බෝතලයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 1200ක මුදලක් වැය වුවද, රජය එයින් රුපියල් 2000ක ලාභයක් තබාගෙන බෝතලයක් රුපියල් 3200ට විකුණන බව පසුගියදා පැවැති රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා කමිටුව) හෙළිවූවා යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
එසේ රුපියල් 2000ක ලාභයක් ගත්ත ද මත්පැන් හල්වල මත්පැන් විකිණීම සියයට 75කින් පමණ පහත වැටී ඇතැයිද ඔහු පැවැසීය.
එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
”සුරාබදු වලින් හිඟ බදු බිලියන හතක් එකතු වෙන්න ඕන. කෝපා එකේදී අපි ඇහුව සාමාන්‍ය ජීවිතයේදී පහළම මට්ටමේ කම්කරුවෝ පානය කරන අති විශේෂ අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරන්න කීයක් යනවද කියලා. අති විශේෂ අරක්කු බෝතලයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරලා ඉවර කරන්න යන්නේ රුපියල් 1200යි. හැබැයි 3200ට විකුණන්නේ.
මේක IMF එකේ යෝජනාවක් කියනවා. IMF එකේ අය දන්නේ නෑ ලංකාවේ කසිප්පු තියෙනවා කියලා. ඒ අයට කියන්න ඕන ලංකාවේ කසිප්පු කියලා ජාතියකුත් තියෙනවා කියලා. මොකද IMF බදු වැඩි කරන්න කිව්වට ඒ අය කියන විදියට බදු වැඩිවෙන්නේ නෑනේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart