
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අබුඩාබිහි ඩෙල්මා මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයා වන පොන්වීර ආරච්චි ඉරේෂ වික්‍රමසිංහ මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මාසික ප්‍රේෂණවලින් රුපියල් 243,193,250.08 (AED 5,813,766.00)ක වංචනික ලෙස ඔහුගේ බිරිඳගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් පහක් වෙත ප්‍රේෂණය කළ බවට චෝදනා එල්ල වී ඇත.
එම නඩුවේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට මේ සතියේ දන්වා තිබේ.
2010 වසරේ සිට 2017 වසර දක්වා ඩෙල්මා මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලාංකිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි මුදල් හුවමාරු මධ්‍යස්ථානයට පැමිණිලි කළ අවස්ථාවේ සැකකරු මෙරටට පැමිණ වංචාව හෙළි කළ බවත්, ඩෙල්මා සමාගම කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත්, FCID සඳහන් කරයි.
වැඩිදුර විමර්ශන වාර්තාවක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක නිරෝෂන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ, සැකකරු හලාවත ඉලිප්පදෙණිය මුගංගන්දළුව ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, අදාළ මුදලින් හලාවත ප්‍රදේශයෙන් අක්කර ගණනක් මිලදී ගත් බවට ඔප්පු වන ඉඩම් ඔප්පු පිටපත්ද ඉදිරිපත් කරන බවත්ය.
ඩෙල්මා මුදල් හුවමාරු මධ්‍යස්ථානයට ලැබුණු මුදල්වල අංක වෙනස් කර මෙම වංචාව සිදුකර ඇති බව සඳහන් වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 386 සමඟ කියවා ඇති 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු වරදක් කර ඇති බවට අනාවරණය වන බැවින් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට අදහස් කර ඇත.
සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිදුල රාජපක්ෂ අධිකරණයට දන්වා ඇත්තේ, සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසයි.
දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්අධිකරණය සැකකරුට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් දැඩි කොන්දේසි යටතේ ඇප ලබාදෙන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව රුපියල් මිලියන 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට සහ විදේශ ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.(FT)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart