
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා තීරයේ පවතින ප්රචණ්ඩත්වය සහ මිලිටරි ක්‍රියාකාරකම් උත්සන්න වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකාව, ගාසා තීරයට ගෙන ඇති සියලුම ප්‍රාණඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ඊයේ ඉල්ලා සිටියේය.
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්රචණ්ඩ ත්‍රස්ත ප්‍රහාර ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළාදකින අතර, ගාසා තීරයට ගෙනගොස් ඇති සියලුම ප්‍රාණඇපකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
ගාසා තීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර, ඉන්ධන, ඖෂධ, විදුලිය හා ජලය ඇතුළු මානුෂීය ආධාර නොමිලේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවත්, තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට සෑම පැත්තකින්ම ඉල්ලා සිටින බවත් අමාත්‍යංශය පවසයි.
දේශපාලන හෝ වෙනත් ආකාරයකින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයට යොමුවන සියලුදෙනා ඇතුළුව, ශ්‍රී ලංකාව සෑම ආකාරයකම ත්‍රස්තවාදය හෙළාදකින බව පවසන විදේශ කටයුතු අමාත්‍යංශය, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩකාරී ත්‍රස්ත ප්‍රහාර ශ්‍රී ලංකාව තරයේ හෙළාදකින බව ද ප්‍රකාශ කරයි.
1967 දේශසීමා මත පදනම්ව පලස්තීනය සහ ඊශ්‍රායලය යන රාජ්‍යයන් දෙකට මඟ පෙන්වන අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව පලස්තීන ප්‍රශ්නයට සාධාරණ හා පුළුල් සාකච්ඡාමය දේශපාලන විසඳුමකට සහාය වීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart