
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව තලේමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේ අද (16) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක්, හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් පමණ සහ හෂීස් කිලෝග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් නාවික ‘තම්මැන්නා’ නෞකාව විසින් අද අලුයම ඌරුමලෙයි වෙරළ තීරයේ සෝදිසි මෙහෙයුමක් සිදු කළ අතර, එහිදී එම මුහුදු තීරයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ බව නාවික හමුදාව සඳහන් කරයි.
සෝදිසි කිරීමේදී කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 194ක් පමණ බරැති ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය ඇසුරුම් හතරක්, කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 34ක් පමණ බරැති හෙරොයින් පාර්සලයක් සහ කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 254ක් පමණ බරැති හෂීස් ඇසුරුම් 05ක් සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 94කට අධික බව විශ්වාස කෙරේ.
ඒ අනුව, මත්කුඩු තොගය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart