
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින මොහොතේ පලස්තීන ජනතාව සමග සහයෝගීතාවයෙන් නැගීසිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (16) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට ගොස් ඇත.
පලස්තීන තානාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත්, යුද්ධය විසඳුම නොවන බවත්ය.
එමෙන්ම සාමකාමී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම ද ඔහු එහිදී සඳහන් කර තිබේ.
පලස්තීනය සමග සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස ඔහු පලස්තීන අරමුණට නිරතුරුව සහාය දැක්වන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart