
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැලසුම සඳහා යොදාගත් බවට සැකකරන ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන 04ක් පිළියන්දල තුම්බෝවිල නිවසක මෙට්ටයක් යට සඟවා තිබියදී ඊයේ (27) සවස සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එමෙන්ම පොලිස් භාරයට ගත් ස්මාර්ට් ජංගම දුරකථනය තුළ සිම්පතක් නොතිබූ බව පොලිසිය සඳහන් කර තිබේ.
හරක් කටා නමැත්තාට පලායෑම සඳහා මාතර කැකනදුර සිට කුලී පදනම මත මෝටර් රථයක් කොළඹට රැගෙන ආ බව කියන සැකකරුවක් දෙදෙනකුගෙන් එක් අයකු වන කැකණදුර බණ්ඩාරනායකපුර පදිංචි හේවාමානගේ සංජීව කුමාර නොහොත් පොඩ්ඩා, 22 වැනිදා රාත්‍රීයේ කොළඹ ජාතික රෝහල අසලදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති තොරතුරු අනුව, එම ජංගම දුරකථන සොයාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත.
රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මිදිගම රුවන් නමැත්තාගේ උපදෙස් මත මීට මාස දෙකකට පමණ ඉහත දී පිළියන්දල තුම්බෝවිල වෙද මාවතේ පිහිටි එම නිවසේ කාමරය මාසිකව රුපියල් 8000ක මුදලකට ලබාගෙන නවාතැන් ගත් බව ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.
හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැලසුම ක්‍රියාත්මක කළ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම රුවන් නැමැත්තා පොලිස් භාරයට ගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයෙන් පණිවිඩ හුවමාරු කරගත් බව ද සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු නිවෙස් හිමියන්ට පවසා ඇත්තේ, කුරුණෑගල බිරිඳගේ සහෝදරයාට අයත් ලොරියක රියදුරකු ලෙස රැකියාව කරන බවය.
ඔහු නිවෙස් හිමියන් සමඟ ඉතා කුළුපගව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
38 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart