
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කසිප්පුවල පවතින වටිනාකම ‘අපේ මිනිස්සුන්ට’ නොතේරෙන බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පැවසුවාය.
කසිප්පු යනු රුසියාවේ ඇති වොඩ්කා සහ ජපානයේ සකේවලට සමාන පානයක් බවද ඇය අනාවරණය කළාය.
සංචාරක රාජ්‍ය ඇමැතිනිය මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රටේ සාමාන්‍ය ජනතාවට අරක්කු බෝතලයකට රු.3600ක් වැයකළ නොහැකි බවද රාජ්‍ය ඇමතිවරිය පෙන්වාදුන්නාය.
එමනිසා ජනතාවට ඒ වෙනුවට වෙනත් විකල්පයක් ලබාදිය යුතු බවද ඇය අවධාරණය කළාය.
මෙම තත්වය හේතුවෙන් කසිප්පු පෙරීම සියයට 500කින් ඉහළ ගොස් ඇති බව පෙන්වාදෙන රාජ්‍ය ඇමැතිවරිය, ජනතාව නිවාසවලම කසිප්පු නිෂ්පාදනය කරගෙන පරිභෝජනයට ගැනීමට පුරුදුවී සිටින බවද සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart