
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී ජාලය තුළ හමුදා බුද්ධි නිලධාරීන් සම්බන්ධ රහසිගත මෙහෙයුම් පැවැති බව ශ්‍රී ලංකා රජය තහවුරු කර ඇත.
බ්‍රහස්පතින්දා (සැප් 21) පාර්ලිමේන්තුව අමතමින් වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ, ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදීන් අතර ‘සොනික් සොනික්’ ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා සැබවින්ම රහසිගත මෙහෙයුමක යෙදී සිටි බුද්ධි අංශ නිලධාරියෙක් බවයි.
“මෙම බුද්ධි නිලධාරියා දක්ෂ ලෙස ත්‍රස්ත ජාලයට ඇතුළු වී රජයට වැදගත් තොරතුරු ලබාගෙන තිබෙනවා. ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටියා. ත්‍රස්තවාදීන් අතර ක්‍රියාකළ යුත්තේ එලෙස මිස පොලිස් නිලධාරියෙකු ලෙසපෙනී සිට නොවේ.” යැයි වැඩබලන ඇමැතිවරයා සඳහන් කළේය.
ඉදිරියේදී සිදුවිය හැකි ප්‍රහාර පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ත්‍රස්ත ජාලයට ඇතුළු වන නිලධාරීන් සමඟ තවත් රහසිගත මෙහෙයුම් සිදුකිරීමට සිදුවිය හැකි බවද වැඩබලන ඇමැති තෙන්නකෝන් වැඩිදුරටත් පැවැසීය.
“වෙන මගක් නැහැ. පාර්ලිමේන්තුව මෙය තේරුම් ගත යුතුයි. කරුණාකර මෙය සමග දේශපාලනික කිරීම නවත්වන්න,” ඔහු සභාවෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart