
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දින දෙක තුළ තමාට මරණ තර්ජන එල්ල වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ කථානායකවරයාට පැමිණිලි කළේය.
මෙම තර්ජන හේතුවෙන් තම ආරක්ෂාව තහවුරු කරන ලෙසද මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහු පැවසුවේ, පසුගිය දින දෙකේ සිට තමාට ජංගම දුරකථනයකින් මරණ තර්ජන කරමින් ඇමතුම් සහ කෙටි පණිවිඩ ලැබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තමන් හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා පැවැසීය.
“මම 1989 දී මවක් සහ දියණියක් දූෂණය කර ඔවුන් මරාදැමූ බව පවසමින් ෆේස්බුක් පෝස්ට් දෙකක් මෑතකදී පළ කර තිබෙනවා. 1989 දී මට වයස අවුරුදු අටක් විතරයි. මම කථානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ මැදිහත් වී මගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart