
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග කල්දැමීමේ යෝජනා සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල්දැමීමට යෝජනා කළේ කවුදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
තෙවන සහ අවසන් පාසල් වාරය මෙම වසරේ ඔක්තෝම්බර් මාසයටත්, පළමු පාසල් වාරය 2024 පෙබරවාරි මාසයටත් කල්දමා, උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට මන්ත්‍රීවරිය එහිදී යෝජනා කළාය.
උසස් පෙළ ප්‍රතිඵල ලබන වසරේ මැයි මාසය වන විට නිකුත් කළ හැකි බවත්, ලබන වසරේ උසස් පෙළ විභාග සාමාන්‍ය පරිදි ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට හැකි බවත්, ඇය සඳහන් කළාය.
මෙම යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart