
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපයේ දැඩි දත්ත රහස්‍යතා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීනයේ ජනප්‍රිය කෙටි වීඩියෝ වේදිකාව වන ටික්ටොක්(TikTok) වෙත යුරෝ මිලියන 345 (ඩොලර් මිලියන 368) දඩයක් නියම කර ඇත.
ළමා පෞද්ගලික දත්ත සැකසීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නියාමන අධිකාරිය විසින් TikTok සමගම වෙත මෙම දඩය නියම කර තිබේ.
අයර්ලන්තයේ දත්ත ආරක්ෂණය අධිකාරිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, මෑත වසරවලදී ලොව පුරා යෞවනයන් අතර වේගයෙන් ඉහළ ගොස් ඇති චීනයට අයත් TikTok කෙටි-වීඩියෝ වේදිකාව, 2020 ජූලි 31 සහ 2020 දෙසැම්බර් 31 අතර යුරෝපා සංගමයේ රහස්‍යතා රෙගුලාසි ගණනාවක් උල්ලංඝනය කර ඇත.
ඒ අනුව අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා විසින් චීනයේ බයිට් ඩාන්ස්(ByteDance) සමාගම සතු TikTok වෙත මෙම දැවැන්ත දඩය නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart