
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් පිටියේ වේගන්ම ලකුණු 13,000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි ඊයේ සමත්විය.
ඒ, ආසියානු කුසලානයේ පාකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදීය.
මෙය විරාට් කෝලි රැස්කලේ සිය එක්දින දිවියේ 46 වන ශතකය වන අතර, ඔහු නොදැවි ලකුණු 122ක් රැස්කළේ හයේ පහර 03ක් සහ හතරේ පහර 09ක් සමගිනි.
ඉනිම් 267කදී එම කඩඉම විරාට් කෝලි පසුකර ගියේ එක්දින ලකුණු 13,000 සම්පුර්ණ කළ ලොව වේගවත්ම ක්‍රීඩකයා වෙමිනි.
මීට පෙර සචින් තෙන්දුල්කාර් ඉනිම 321කදි එම වාර්තාව පිහිටුවා තිබිණි.
එමෙන්ම එක්දින ලකුණු සම්පුර්ණ කළ 05වැනි ක්‍රීඩකයා ඔහු වන අතර, කෝලිට ඉදිරියෙන් සචින් තෙන්දුල්කාර්, කුමාර් සංගක්කාර, රිකි පොන්ටින් සහ සනත් ජයසුරිය පසුවෙති.
(සේයාරුව – ක්‍රිෂාන් කාරියවසම්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart