
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්ව ඇති අතර, ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ප්‍රචාර රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.
අලින්ගෙන් සිදුවන මරණ හා තුවාල වළක්වා නොගැනීම ඔහුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවකි.
ඇතැම් දේශපාලඥයන් වනජීවී දෙපාර්තමේන්තුවේ ඉඩම් දෙසට නෙත් යොමාගෙන සිටින බැවින්, එම ප්‍රචාරණ පිටුපස වෙනත් චේතනාවන් පවතින බව නිලධාරීහු පවසති.
ඉදිරි මැතිවරණවලදී ඡන්දය ලබා ගැනීමට හැකි වන පරිදි එම ඉඩම් තම මැතිවරණ කොට්ඨාශවල ජනතාවට බෙදාදීම ඇතැමුන්ගේ අරමුණ බව දැනගන්නට ඇත.
ඇතැම් ව්‍යාපාරිකයන් ද එවැනි අවස්ථා සොයමින් සිටි අතර, දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙනස් කිරීමේ ක්‍රියාමාර්ග සමඟම දෙපාර්තමේන්තුව ව්‍යාකූලත්වයට පත්ව පවතිද්දී ඉඩම් අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart