
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලියේදී, එය ලබාගැනීමට එමිරේට්ස්, ටාටා සන්ස් සහ අදානි සමූහය වැනි සුප්‍රසිද්ධ සමාගම් කිහිපයක්ම කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.
www.ch-aviation.com වාර්තා කර ඇති ආකාරයට එයාර් ඉන්ඩියා, එයාර් ඉන්ඩියා එක්ස්ප්‍රස්, විස්තාරා සහ එයාර් ඒෂියා ඉන්ඩියා හි හිමිකරු වන ටාටා සන්ස්, ශ්‍රී ලංකාවේ රජය සතු ගුවන් සේවයේ ආයෝජකයකු ලෙස කටයුතු කිරීමට බොහෝ කලක සිට කැමැත්ත පළකර ඇත.
කෙසේවෙතත් අදානි ගැන නම් සඳහන් වන පළමු අවස්ථාව මෙයයි.
අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පසුගිය ජුලි මාසයේ දී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූයේ ජනාධිපතිවරයාගේ දෙදින ඉන්දීය සංචාරය අතරතුරදීය.
ඔවුන් දිවයිනේ විවිධ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර, ඉන් ප්‍රධාන වන්නේ කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමයි.
මේ අතර එමිරේට්ස්, 1998 දී ශ්‍රීලංකන් හි 43.63% ක කොටස් මිලදී ගත්තේ දස අවුරුදු කළමනාකරණ සහනයක් ද සමඟිනි.
එහෙත් එමිරේට්ස් ආයෝජකයන් සහ එවකට ආණ්ඩුව අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් 2008 දී එහි කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට තීරණය කෙරිණි.
පසුගිය ජූලි මස මුලදී, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මාස හයක් ඇතුළත අවසන් කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart