
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාව අතරතුර බස් රථයක් ගිනිතැබූ පුද්ගලයා, අදාළ සිදුවීමෙන් මාස 18කට පසුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ රට පුරා ව්‍යාප්තවූ අරගලයට පාදකවූ ප්‍රධාන සිදුවීමක් වූයේ හිටපු ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවයි.
එම විරෝධතාව ප්‍රචණ්ඩකාරී ස්වරුපයක් දක්වා රැගෙන යන ලද්දේ යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියයි.
මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින අතරතුරදී සිය බිරිඳද සමග මිරිහාන උද්ඝෝෂණ ස්ථානය වෙත ගිය බව 33 හැවිරිදි මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.
මහියංගනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු විසින් අදාළ බස් රථයට තමා ගිනිතැබූ බව පිළිගෙන ඇතැයි වාර්තා වේ.
ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර ඇත.
සැකකරු අද (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart