
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවේ ලොව ඉහළම A-ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනාගේ ලැයිස්තුවේ නම් කර ඇත.
ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව 2023 වසර සඳහා A+, A, හෝ A- ශ්‍රේණි ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් නිකුත් කර ඇත.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය සහ පොළී අනුපාත කළමනාකරණයේ සාර්ථකත්වය කර ඇති ආකාරයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රේණි A සිට F දක්වා පරිමාණයක් මත මෙම ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් විසින් සකස්කර ඇත. එහි “A” යනු සම්පූර්ණ සාර්ථකත්වයයි.
මෙම ලයිස්තුවේ A+ කාණ්ඩයට රටවල් 03ක් නම්කර ඇති අතර , එහි ඉහළින්ම පසුවන්නේ ඉන්දීය මහ බැංකුවේ ප්‍රධානී ශ්‍රී ශක්තිකාන්ත දාස් ය. එම කාණ්ඩයට ස්විට්සර්ලන්තය සහ වියට්නාමය අයත්වේ.
A කාණ්ඩයට බ්‍රසීලය, ඊශ්‍රායෙල්, මොරිෂස්, නවසීලන්තය, පැරගුවේ, පේරු, තායිවානය සහ උරුගුවේ යන රටවල මහ බැංකු අධිපතිවරු අයත් වෙයි.
A- කාණ්ඩයට ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයාද ඇතුළුව කොලොම්බියාව, ඩොමිනිකානු ජනරජය, අයිස්ලන්තය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, නෝර්වේ, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව යන රටවල මහ බැංකු අධිපතිවරු ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart