
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක ඇමැති ශ්‍රී රාජ්නාත් සිං 2023 සැප්තැම්බර් 02-03 දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
සිය සංචාරය අතරතුර, ශ්‍රී රාජ්නාත් සිං ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
මෙම සාකච්ඡා අතරතුර ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ආරක්ෂක සබඳතාවල සම්පූර්ණ පරාසය සමාලෝචනය කෙරේ.
ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා නුවරඑළියේ සහ ත්‍රිකුණාමලයේ ද සංචාරය කිරීමට නියමිතය.
රාජ්නාත් සිංගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ පවතින උණුසුම් සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම නැවත අවධාරණය කරයි.
මෙම සංචාරය.ආරක්ෂක ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින මිත්‍රත්වයේ කල්පවත්නා බැඳීම් ගැඹුරු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවද මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart