
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් යන සිය දියණියට උදෑසන ආහාරය පිළියෙල කිරීම සඳහා අලුයම අවදි වූ එක්දරු මවක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර, වස පානය කර යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරු වන අලියකුගේ ගැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.
ඊයේ (27) අලුයම එප්පාවල පොලිස් වසමේ මහඉලුප්පල්ලම, ගල්මඩුව ප්‍රදේශයේදී මෙය සිදුව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහඉලුප්පල්ලම, ගල්මඩුව, අංක 74 ලිපිනයේ පදිංචිව සිටි පොල් සංවර්ධන මණ්ඩලයේ ඉපලෝගම කාර්යාලයේ සේවය කළ 45 හැවිරිදි ගයනි ඉරෝමා දිසානායක නමැති 13 හැවිරිදි දියණියකගේ මවකි.
සිය සැමියාගෙන් වෙන්ව 13 හැවිරිදි දියණිය සමඟ නිවසේ පදිංචිව සිටි ඇය, අනුරාධපුරයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන දියණියට උදෑසන ආහාරය සැකසීම සඳහා ඊයේ අලුයම 4.00ට පමණ අවදි වී තිබේ. ඇය මුළුතැන්ගෙයින් පිටතට පැමිණෙනවාත් සමඟම නිවස පිටුපස සැඟවී සිටි බව කියන සැකකරු මන්නා පිහියකින් ඇයට පහර දී ඇත. හිසට සහ ගෙලට එල්ල වූ මාරාන්තික පහරවල් හේතුවෙන් ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව වස පානය කර ඇති සැකකරු යතුරුපැදියකින් මහඉලුප්පල්ලම දෙසට පළාගොස් ඇත. එහිදී මහඉලුප්පල්ලම බහුකාර්ය ගොඩනැගිල්ල අසලදී ඔහුගේ යතුරුපැදිය වන අලියකුගේ ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ.
ඒ වන විටත් වස පානය කර සිටි බැවින් අනතුර සිදුවූ ස්ථානයේදීම සැකකරු වමනය කර ඇති අතර, පසුව ඔහුව එප්පාවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු උකස් බඩු ව්‍යාපාරිකයකු බව හඳුනාගෙන ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
මුදල් ආරවුලක් හෝ අනියම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාව මරා දමන බවට තර්ජනය කර ඇති බවද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන මන්නා පිහිය, මියගිය කාන්තාවගේ නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් සැකකරු පලා ගිය මාර්ගය අසල ඇළක තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ මහේස්ත්‍රාත්වරයා අපරාධය සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart