
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹදී පැවැත්වෙන මංගල ‘ටෙස්ට් ට්වෙන්ටි’ (Test Twenty) ක්රිකට් තරගාවලියට එක්ව සිටින යොවුන් ක්රීඩක ක්රීඩිකාවන්ගෙන් බහුතරයක් අනාගතයේදී සිය රටවල් නියෝජනය කරනු ඇතැයි හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක ශ්රීමත් ක්ලයිව් ලොයිඩ් විශ්වාසය පළ කරයි.
“ඔවුන්ගෙන් බහුතරයක් තම රට වෙනුවෙන් ක්රීඩා කරනු ඇති,” යැයි 1975 සහ 1979 ලෝක කුසලාන ශූරතා දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නායකත්වය දුන් සහ වත්මන් තරගාවලියේ යුරෝපීය කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ලොයිඩ් පැවසීය.
වයස අවුරුදු 13 තරම් ලාබාල වයස්වල පසුවන මෙම යොවුන් ක්රීඩකයින්ගේ ක්රිකට් හැකියාවන් පමණක් නොව, ක්රීඩාව පිළිබඳ ඔවුන් සතු දැනුම සහ ඉගෙනීමට ඇති දැඩි උනන්දුව පිළිබඳව තමා බෙහෙවින් පැහැදුණු බව ද ඔහු සඳහන් කළේය.
ගෞරව් බහිර්වානි විසින් ආරම්භ කරන ලද මෙම ‘ටෙස්ට් ට්වෙන්ටි’ තරගාවලිය සඳහා දකුණු ආසියාව, ඕස්ට්රලේසියාව, යුරෝපය සහ උප-සහාරා අප්රිකාව යන කලාපීය කණ්ඩායම් හතර නියෝජනය කරමින් වයස අවුරුදු 13ත් 21ත් අතර බාලක බාලිකාවන් 160 දෙනෙකු එක්ව සිටිති.
සෑම තරගයකම ප්රතිඵලය තීරණය කිරීම සඳහා බාලක සහ බාලිකා යන දෙපාර්ශ්වයේම ලකුණු එකතු කර ගණනය කරන සුවිශේෂී තරග රටාවකින් මෙම තරගාවලිය සමන්විත වේ.
තරගාවලියේ ආරම්භක උපදේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ලොයිඩ්, විදේශ රටවල ක්රීඩා කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් කියා සිටියේ එමගින් නුහුරු තත්ත්වයන් යටතේ තම හැකියාවන් උරගා බැලීමටත්, ජීවිත කාලය පුරා පවතින මිතුදම් ගොඩනගා ගැනීමටත් යොවුන් ක්රීඩකයින්ට අවස්ථාව හිමිවන බවයි.
මංගල තරගාවලියේ ශූරතා කුසලානය ජයග්රාහකයින් වෙත පිරිනැමීමට නියමිත ලොයිඩ්, ඊළඟ පරම්පරාවේ ක්රිකට් ක්රීඩකයින්ට නිවැරදි දැනුම හා වටිනාකම් ලබා දීම සඳහා පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ කණ්ඩායම් නායකයින් සතු වගකීම ද අවධාරණය කළේය.
“තමන් ක්රීඩාව නිවැරදිව තේරුම් ගෙන ඇති බව ඔප්පු කිරීමට තරුණ පරපුරට අවස්ථාවක් ලබා දෙමු. අතීතය ගෙවී අවසන්. අපි අනාගතය දෙස බලමු,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart