
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම රාජකාරි ටී-56 ගිනිඅවිය සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ට ලබා දී විදේශගතව සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබේ.
ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි නමැති මෙම සැකකරු අදාළ සිද්ධියෙන් පසු දිවයිනෙන් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් එක්ව ඩුබායිහිදී මොහු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
සැකකරු අද අලුයම 5.20 ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 226 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
මොහු අනුරාධපුර, පේමඩුව, හෙළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු සිය භාරයට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart