
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොහුවල, එස්. ද එස්. ජයසිංහ මාවතේ පිහිටි බස් නැවතුම්පොළකට පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් 16 හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පවසන පරිදි, නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක පිටුපස ගැටී ඇත.
අනතුරුව එම මෝටර් රථය අසල පිහිටි බස් නැවතුම්පොළේ රැඳී සිටි මෙම දරුවාගේ ගැටී, තවත් යතුරුපැදියක, මෝටර් රථයක සහ වෑන් රථයක ද ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් තිදෙනකු ද ප්රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ නුගේගොඩ ප්රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු වන පානදුර, මෝරවිල ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart