
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට වසර 24කට පමණ පෙර කැලණිය, දළුගම ටයර් හංදිය ප්‍රදේශයේ පිහිටි මුදලට ඔට්ටු තබන ආයතනයකට කඩාවැදී මුදල් කොල්ලකෑමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් පස්දෙනකුට කොළඹ මහාධිකරණය විසින් වසර දහය බැගින් සිරදඬුවම් නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් පස්දෙනාට මෙම දඬුවම් නියම කර ඇති අතර මේ වනවිට අධිකරණය මගහැර සිටින පළමු සහ හතරවැනි විත්තිකරුවන් දුටුතැන අත්අඩංගුවට ගෙන දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා විවෘත වරෙන්තු ද නිකුත් කළේය.
2002 වසරේ පෙබරවාරි 20 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා හයක් යටතේ නඩු පවරා තිබිණි. නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, බලපත්‍ර නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ ඇතුළු ආයුධ සන්නද්ධව “ස්පෝර්ටින් ටයිම්ස්” නමැති ස්ථානයට ඇතුළු වී සේවකයන් ඇතුළු පිරිස බියගන්වා රුපියල් 9,740ක මුදලක් කොල්ලකෑම ඇතුළු චෝදනා ඒ අතර වේ.
චෝදනා තුනකට වරදකරු වූ පළමු, තෙවැනි සහ හතරවැනි විත්තිකරුවන්ට වසර 20යි මාස 6 බැගින් ද, චෝදනා දෙකකට වරදකරු වූ දෙවැනි සහ පස්වැනි විත්තිකරුවන්ට වසර 10යි මාස 6 බැගින් ද සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, එම දඬුවම් එකවර ක්‍රියාත්මක වන පරිදි වසර 10කින් ගෙවී යන ලෙස නියෝග කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූයේ රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්තය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart