
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල පවතින ජල මට්ටම අනුව විදුලිය නිෂ්පාදනය කිරීමට හැකිවන්නේ තවත් දින 35කට ආසන්න කාලයකට පමණක් බව විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇත.
ජල විදුලි බලාගාර වලින් ඊයේ (28) මෙගාවොට් පැය12.6ක විදුලිය නිෂ්පාදනය කර ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික නවරත්න පවසයි.
තාප, සූර්ය සහ සුළං බලාගාර මඟින් අනෙකුත් නිෂ්පාදන කටයුතු සිදුකළ බව ඔහු සඳහන් කර ඇත.
මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සියයට 23.2ක් දක්වා පහත බැස තිබෙන අතර, සමස්ත විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලින් මෙගාවොට් පැය 284ක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව හෙතෙම සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart