
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු අද (20) අලුයම හදිසියේ රෝගාතුර වී මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ අංක 01 සිරමැදිරියේ රඳවා සිට ඇත.
හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කළ නමුත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.
‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,010ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මාතලේ පොලීසියේ දූෂණ මර්දන අංශය විසින් ඊයේ මාතලේ, හිත්ගොල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මියගිය පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත්, මහනුවර සහ ග්‍රෑන්ඩ්පාස් ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකම මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු 10ක් පමණ විභාග වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart