
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද අයාලේ යන ගවයින් 21 දෙනකු පරසන්ගස්වැව පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ වෙත යොමු කර තිබේ.
කඩුවෙල මහ නගර සභාවේ සෞඛ්‍ය කමිටු සභාපති ගයානාත් අසේල පැවසුවේ ඊයේ එම ගවයින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ වෙත රැගෙන ගිය බවයි.
කඩුවෙල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා අයාලේ යන ගවයින් අද සිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ තුළ රඳවා තබන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න ද නිවේදනය කළාය.
ප්‍රදේශවාසීන්ට සහ රියදුරන්ට බාධා වන අයුරින් මහමඟ අයාලේ යන ගවයින් අල්ලා ගැනීම සඳහා කඩුවෙල මහ නගර සභාව විසින් දියත් කරන ලද විශේෂ වැඩසටහනකට අනුව මෙම පියවර ගෙන ඇත.
මාලඹේ, කහන්තොට, අතුරුගිරිය සහ වල්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අයාලේ යන ගවයින් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම මෙහෙයුම ආරම්භ කෙරුණි.
මෙහෙයුමේ පළමු දින තුන තුළ අයාලේ යන ගවයින් 35 දෙනකු අල්ලා ගැනීමට හැකි වූ බව ගයානාත් අසේල සඳහන් කළේය.
මහමඟ නිදැල්ලේ සැරිසරන ගවයින් හේතුවෙන් ඇතිවන රථවාහන තදබදය සහ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහ නගර සභාව වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart