
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්වයංක්‍රීයව එන්ජිම ක්‍රියාවිරහිත වීමෙන් අනතුරුව යළි පණගැන්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සිය ගණනක් හේතුවෙන්, හොන්ඩා මෝටර් රථ මිලියනයකට අධික සංඛ්‍යාවක් පිළිබඳව නව විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු මෝටර් රථ ආරක්ෂණ නියාමකයින් පියවර ගෙන තිබේ.
2024–2026 වර්ෂවල නිෂ්පාදිත ඇතැම් Honda Odyssey, Passport, Ridgeline, Pilot සහ Acura MDX මාදිලිවල ඇති ස්වයංක්‍රීය නැවතුම්-පණගැන්වීමේ පද්ධතිය සම්බන්ධයෙන් පැමිණිලි 700කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව අමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය සඳහන් කරයි.
රථවාහන තදබදයකදී හෝ වාහනයක් සම්පූර්ණයෙන්ම නතර වූ විට ස්වයංක්‍රීයව එන්ජිම ක්‍රියාවිරහිත කර රියදුරු තිරිංග පැඩලයෙන් පාදය ඉවත් කිරීමත් සමඟ යළි පණගැන්වීම මගින් ඉන්ධන ඉතිරි කර ගැනීමට මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.
කෙසේ නමුත්, එන්ජින් යළි පණගැන්වීමට අපොහොසත් වූ බවට රියදුරන් සිය ගණනක් පැමිණිලි කර ඇති අතර, මේ හේතුවෙන් මාර්ග තදබදය මධ්‍යයේ වාහන සිරවීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
හොන්ඩා වාහන මිලියන 2.2ක් පමණ සම්බන්ධයෙන් 2022 වසරේදී ආරම්භ කළ පෙර විමර්ශනයකට සමගාමීව මෙම නව පරීක්ෂණය දියත් කර ඇත. අනතුරු හතරක් සහ තුවාල ලැබීම් දෙකක් ඇතුළු පැමිණිලි 1,300කට අධික සංඛ්‍යාවක් ලැබීමත් සමඟ විමර්ශනය පසුගිය වසරේදී පුළුල් කෙරිණි.
NHTSA ආයතනය පෙන්වා දෙන්නේ, නව විමර්ශනයට ලක්ව ඇති වාහනවල ද සමාන දෝෂ පෙන්නුම් කළද, එම දෝෂයට බලපාන මූලික හේතු ඊට වෙනස් බව පෙනී යන බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ අවශ්‍ය විටෙක ස්ටාටර් උපාංග ප්‍රතිස්ථාපනය කිරීම ඇතුළු අලුත්වැඩියාවන් නිර්දේශ කරමින් හොන්ඩා සමාගම 2023 වසරේදී සේවා නිවේදන නිකුත් කර තිබූ අතර, බලපෑමට ලක් වූ ඇතැම් වාහන සඳහා සීමාරහිත සැතපුම් ගණනක් සහිතව වසර 10ක් දක්වා වගකීම් කාලය දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබිණි.
මෙම නවතම විමර්ශනය පිළිබඳව තමන් දැනුවත් බවත්, අමෙරිකානු ආරක්ෂණ නියාමකයින් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත් හොන්ඩා සමාගම ප්‍රකාශ කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේදී Honda සමාගම විසින් වාහන 635,000කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවනු ලැබූ සිදුවීමෙන් දින කිහිපයකට පසුව මෙම විමර්ශනය ආරම්භ වී ඇත. එම නැවත කැඳවීම සිදු කෙරුණේ, power steering ආධාරක පද්ධතිය අක්‍රිය වීමට හේතු විය හැකි වෙනත් මෘදුකාංග දෝෂයක් පදනම් කරගනිමිනි.
මෙම නවතම විමර්ශනය වාහන නැවත කැඳවීමක් නොවන අතර, අතිරේක ආරක්ෂක පියවර අවශ්‍ය ද යන්න පිළිබඳව නියාමන බලධාරීන් තවමත් තීරණය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart