
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ ප්‍රවීණ ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා අන්තර්ජාතික පාපන්දු දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තම විශ්‍රාම ගැනීම පිළිබඳව නිල ලිපියක් මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් වෙත දැනුම් දී ඇති සුජාන් පෙරේරා, සිය ක්‍රීඩා දිවිය පුරාවට තමන්ට ලබාදුන් නොමද සහයෝගය වෙනුවෙන් සභාපතිවරයාට සහ සම්මේලනයට සිය ස්තූතිය පළ කර ඇත.
ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු ඉටු කළ අනුපමේය සේවය ඇගයීම සඳහා, 2027 මාර්තු මාසයේදී පැවැත්වෙන අන්තර්ජාතික පාපන්දු තරගයක් අතරතුර විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කිරීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. සුජාන්ගේ ඉදිරි දිවියට සුබ පැතුම් එක් කළ සභාපති ජස්වර් උමර්, ශ්‍රී ලංකාවේ අනාගත ගෝල් රකින්නන් පුහුණු කිරීමේ ක්ෂේත්‍රයට එක්වන ලෙස ද ඔහුට ආරාධනා කර ඇත.
2011 වසරේදී අන්තර්ජාතික වරම් දිනාගත් සුජාන් පෙරේරා මේ දක්වා අන්තර්ජාතික තරග 68ක් නියෝජනය කර තිබේ. 2021 සිව්කොන් පාපන්දු තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වූ ඔහු, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සහ දකුණු ආසියානු පාපන්දු තරගාවලි ඇතුළු අන්තර්ජාතික තරග රැසකදී විශිෂ්ට ගෝල රැකීමක නිරත වෙමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart