
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික විස්සයි 20 ලීග් තරගාවලියේ ඉදිරි තරග වාරයට පෙර, ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ඩුබායි කැපිටල්ස්’ කණ්ඩායමේ නව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ.
සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් එම කණ්ඩායම මෙම පත්වීම ප්‍රකාශයට පත් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන මාලිංගව සිය පුහුණු කාර්ය මණ්ඩලයට සාදරයෙන් පිළිගෙන ඇත.
“ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සලකුණක් අපගේ පුහුණු කාර්ය මණ්ඩලයට එක් වෙනවා. අපගේ නව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංගව පිළිගැනීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටට පත් වෙනවා,” යනුවෙන් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නිවේදනය කර තිබේ.
2026 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ‘මුම්බායි ඉන්දියන්ස්’ කණ්ඩායමෙන් ඉවත් වීමෙන් අනතුරුව මාලිංගගේ පුහුණුකරු දිවියේ නව පරිච්ඡේදයක් මෙමගින් ආරම්භ වේ.
මාලිංග මෙන්ම පරස් මාම්බ්‍රේ සහ කාල් හොප්කින්සන් සිය පුහුණු කාර්ය මණ්ඩලයෙන් ඉවත් වන බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පසුගිය ඔක්තෝබර් 29 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ඉතා සාර්ථක ගමනක් ආ මාලිංග, එම කණ්ඩායම IPL ශූරතා හතරක් සහ 2011 චැම්පියන්ස් ලීග් විස්සයි20 ශූරතාව දිනා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරණ ක්ෂේත්‍රයට පිවිසි හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා, ‘යෝකර්’ පන්දු යැවීම, අවසන් පන්දුවාරවල පන්දු යැවීම සහ නවක වේග පන්දු යවන්නන් පුහුණු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී පිළිගැනීමක් දිනා සිටී.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම සීමිත පන්දුවාර පන්දු යවන්නකු වන ලසිත් මාලිංග, අන්තර්ජාතික මෙන්ම ලීග් ක්‍රිකට් තරගාවලි හරහා ලබා ඇති සුවිශාල අත්දැකීම් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙත ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart