
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මරණයට පත් කාවන්තිස්‌ස ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් මේ මස 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහව මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න ගල්ගමුව වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නට නියෝග කළාය.
කාවන්තිස්‌ස ඇතාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මේ මස 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහචාර්ය පී.පී.එමී.ඒ. විජේසුන්දරට ද නියෝග කෙරිණ.
මෙසේ නියෝග කළේ ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ protect elephant world global association ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රාමනායක අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රාමනායක අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ විදුලිය සැර වද්දවා දීගදන්තු-1 ඇතා මරාදැමීමේ සිද්ධියට අදාළව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අනුව දීගදන්තු එක ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන අනූවක් බවට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කර ඇති බවයි.
එමෙන්ම දීගදන්තු එක දළ ඇතා මරාදැමීමේ සිද්ධියේ සැකකාර රක්ෂණ සමාගම් කළමනාකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව පුවත් පත් වාර්තා උපුටා දක්වමින් අධිකරණයට පෙන්වාදුන් නීතිඥවරයා කාවන්තිස්‌ස දළ ඇතා මියගියේ බෙහෙත් විෂ වීමක් නිසා බවට සමාජයේ මතයක් පවතින බවත්, කාවන්තිස්ස මියගියේ පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියදී බවත් ඒ ගැන අධිකරණයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
කාවන්තිස්‌ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනුයේ නිපුණතා සංවර්ධන නිලධාරියකු සහ තවත් සැකකරුවෙකි.
(උපුටාගැනීම – අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart