
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට බාධා නොකර එය ක්‍රියාත්මක කිරීම සඳහා සිය සහයෝගය ලබා දෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
අද පෙරවරුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීම සඳහා පත් කරන ලද ජනාධිපති උපදේශක කමිටුවේ රැස්වීමක් අද පෙරවරුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ උන්වහන්සේ, යෝජිත සංවර්ධන සැලැස්මේ ඇතැම් කරුණු ආරම්භක අවස්ථාවේදී මහජනතාව වෙත නිසි ලෙස සන්නිවේදනය නොවීම නිසා වැරදි වැටහීම් සහ අනවශ්‍ය කනස්සල්ලක් ඇති වීම පිළිබඳව සිය කනගාටුව පළ කළහ.
පූජා භූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ වැට පිළිබඳව ද ඇතැම් පිරිස් අතර වැරදි වැටහීමක් ඇති වී තිබූ බව උන්වහන්සේ පැහැදිලි කළහ. වැඩබලන අටමස්ථානාධිපති හිමියන් සඳහන් කළේ, මීට වසර 15කට පමණ පෙර ඉදිකර තිබූ වැටක ඉතිරි කොටස සංරක්ෂණය කර සම්පූර්ණ කරන ලෙස අපවත් වී වදාළ ජ්‍යෙෂ්ඨ හිමිනමක විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැට ඉදිකිරීමට මුලින් යෝජනා වී තිබූ බවයි.
ගවයන්ගෙන් සිදුවන හානි, පූජා කරන මල් සහ පොල් කටු අවිධිමත් ලෙස බැහැර කිරීම, පුරාවිද්‍යා ස්ථාන මත වාහන නවතා තැබීම සහ අනවසර ඉදිකිරීම්වලින් පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීම මෙම වැට ඉදිකිරීමේ අරමුණ වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
කෙසේ වෙතත්, එම වැට ඉදිකිරීමේ යෝජනාව මේ වන විට අත්හැර දමා ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
යෝජිත සංවර්ධන සැලැස්ම යටතේ පූජා නගර සීමාව තුළ පදිංචිව සිටින ජනතාව ඉවත් කරන බවට පළ වන ප්‍රකාශ උන්වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළ අතර, එවැනි කිසිදු අදහසක් හෝ යෝජනාවක් නොමැති බව අවධාරණය කළහ.
පූජා නගර සීමාව වර්ග කිලෝමීටර් 28 සිට 38 දක්වා පුළුල් කිරීමට කර ඇති යෝජනාව පිළිබඳව මහජනතාව තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව පැහැදිලි කළ උන්වහන්සේ, අනුරාධපුරයට පැමිණෙන අතිවිශාල වන්දනාකරුවන් සහ රථවාහන ප්‍රමාණය කළමනාකරණය කිරීමේදී මතුවන අභියෝගවලට විසඳුමක් ලෙස මෙම පුළුල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බව පැවසූහ.
ආගමික උත්සව සඳහා සහභාගී වන අතිවිශාල ජනකාය පිළිබඳව සඳහන් කරමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, පොසොන් සමය තුළ දහතුන් ලක්ෂයකට (මිලියන 1.3කට) ආසන්න පිරිසක් අනුරාධපුරයට පැමිණ ඇති බවයි. ඒ අනුව වඩාත් හොඳ පහසුකම් සැලසීමේ සහ ජනකාය විධිමත්ව කළමනාකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
ඉතිහාසය පුරා රජවරුන් 104 දෙනකු විසින් ආරක්ෂා කරන ලද අනුරාධපුර පූජනීය භූමියේ ආගමික හා පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීම සියලු දෙනාගේම සාමූහික වගකීමක් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
පූජා නගරය ආරක්ෂා කර ගැනීම සඳහා බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන සියලු ජනතාව එක්ව කටයුතු කළ යුතු බවත්, යෝජිත සංවර්ධන වැඩපිළිවෙළට විරුද්ධ වීම හෝ බාධා කිරීම වෙනුවට ඒ සඳහා සිය අදහස් සහ සහයෝගය ලබා දෙන ලෙසත් උන්වහන්සේ මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart