
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර ජීවිතය ගැටගසා ගන්නා, දෙනෙත් අහිමි යුවළකගේ රුපියල් පන්දාහේ අස්වැසුම දීමනාව අහිමි කර ඇතැයි කියමින් ඔවුන් දෙදෙනා නිවස ඉදිරිපිට බිත්තියක, ජනාධිපතිවරයාගේ සහ බලධාරීන්ගේ අවධානයට යොමු කරවීමේ අරමුණින් විරෝධතා පුවරුවක් දවටාගෙන සාමකාමී විරෝධතාවයක නිරත වූහ.
මෙලෙස ඉතා අසරණව තම ඉල්ලීම දිනා ගැනීමට උත්සාහ කරන්නේ වැලිකන්ද රුහුණෙකත අංක 122 ලිපිනයේ පදිංචි 44 වීයති දෙදරු කේ.ජගත් ප්රසන්න කුමාර සහ ඔහුගේ බිරිඳ වන පී.ඩබ්ලිව්. සුගන්ධිකා මානෙල් යන 41 වියති දෙදරු මවය.
දෛනිකව කිලෝමීටර් හතළිහක් පමණ පයින් ගමන් කරමින් ලොතරැයි දෙසීයක් පමණ අලෙවි කර ගනිමින්, ඉතා අසීරුවෙන් ජීවිතය ගැට ගහගන්නා මෙම දෙනෙත් අහිමි යුවළට අවුරුදු දොළහක සහ අවුරුදු හතක පාසල් යන වයසේ දරුවන් දෙදෙනකුද සිටියි.
වසරක පමණ කාලයක් ඔවුන් රුපියල් පන්දාහේ අස්වැසුම දීමනාවක් ලබාගත් අතර, මීට මාස දෙකක පමණ කාලයක සිට ගම්මානයේ කමිටුවක් මගින් තම අස්වැසුම දීමනාව අහිමි කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව වැලිකන්ද ප්රාදේශීය ලේකම් කාර්යාලයට හා ප්රදේශයේ දේශපාලන අධිකාරියට දැනුම් දුන්නද ඊට කිසිදු විසඳුමක් නොමැති නිසා තම නිහඬ විරෝධය මෙලෙස ප්රකාශ කරන බව ජගත් ප්රසන්න සඳහන් කළේය.
(උපුටාගැනීම – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart