
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවල් 11ක සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ප්‍රථම යුරෝවිෂන් ආසියානු ගීත තරගයේ (Eurovision Song Contest Asia) ජයග්‍රහණය හිමිකර ගැනීමට පිලිපීනය සමත් වී තිබේ.
තරගයේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි 19 හැවිරිදි පිලිපීන ගායිකා කාමෙල් කාන්තා සවිබල ගැන්වීම තේමා කරගත් ‘සොබ්රා-සොබ්රා’ නම් සිය ගීතයෙන් මෙම ජයග්‍රහණය වාර්තා කළාය. සිත් ඇදගන්නාසුළු රැප් කොටසකින් ද සමන්විත වූ එම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇය විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු 93ක් සහ මහජන ඡන්දයෙන් ලකුණු 118ක් ලෙස සමස්ත ලකුණු 211ක් ලබා ගත්තාය.
ලකුණු 170ක් ලබා ගත් සත්කාරක තායිලන්තයේ ‘MANG x DAOU’ කණ්ඩායමට දෙවන ස්ථානය හිමි විය. තරගය පැවති ‘වන් බැංකොක්’ ක්‍රීඩාංගණය පුරා ඉතා උද්යෝගිමත් වාතාවරණයක් දක්නට ලැබුණු අතර, ප්‍රේක්ෂකයෝ තරගකරුවන් දිරිමත් කරමින් ජයග්‍රාහී තරුණියට සිය උණුසුම් සුබපැතුම් එක් කළහ.
තරගයේ ලාබාලතම තරගකාරිය වූ කාමෙල්, සෙසු රටවලින් එල්ල වූ ප්‍රබල අභියෝග මධ්‍යයේ වුවද විනිශ්චය මණ්ඩලයේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද වැඩිම ආකර්ෂණය දිනා ගත්තාය. තරගයේදී කැපී පෙනුණු සෙසු ඉදිරිපත් කිරීම් අතර සත්කාරක තායිලන්ත ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඔල්වරසන් මැද ‘Aroma’ නම් සංවේදී යුග ගීතය ගායනා කළ ‘MANG x DAOU’ දෙපළ විශේෂ විය.
එමෙන්ම, සාම්ප්‍රදායික පසුබිම් සංගීතය වෙනුවට බෙර සහ බේස් සංගීත නාදයන් සිය කටහඬින්ම ප්‍රතිනිර්මාණය කළ බංග්ලාදේශයේ ‘Beatmosphere’ බීට්බොක්ස් කණ්ඩායම ද කාගේත් අවධානය දිනා ගත්තේය.
ලාඕසය නියෝජනය කළ තින්ලා, සාම්ප්‍රදායික ලාඕ කඳුකර ගෝත්‍රික ඇඳුමකින් සැරසී ප්‍රේක්ෂකයන් පිනවූ ‘Bae’ ගීතය ඉදිරිපත් කළාය. කෙසේ වෙතත්, සජීවී විකාශනය අතරතුර ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇගේ ගීතයේ වීඩියෝ පටය අහම්බෙන් දෙවන වරටත් විකාශය වූ අතර, ඒ අනුව ඡන්ද විමසීමට පෙර ප්‍රේක්ෂකයන්ට අවසන් වරට ඇසුණු ගීතය බවට එය පත් විය.
මෙම තරගයේ ඡන්ද ක්‍රමය යුරෝපීය යුරෝවිෂන් තරගාවලියට බෙහෙවින් සමාන විය. එහිදී අවසන් ප්‍රතිඵලයෙන් 50%ක් මහජන ඡන්දයෙන් ද, ඉතිරි 50% සහභාගී වූ රටවල් 11හි ජාතික විනිශ්චය මණ්ඩල මගින් ද තීරණය වූ අතර, ලොව සෙසු රටවල ප්‍රේක්ෂකයන්ගේ ඡන්දයෙන් අමතර ලකුණු ප්‍රමාණයක් ද හිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart