
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන 4.26ක මුදලකට නිරීක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් බරපතළ සැක පළ කර තිබේ. එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රශ්න කළ ඔහු, අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් බුද්ධි තොරතුරු රැස් කිරීමට මෙම යානා යොදා ගැනීමේ අවදානමක් ඇති බවටද චෝදනා කළේය.
පාර්ලිමේන්තු අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ හකීම්, තරගකාරී ලංසු කැඳවීමකින් තොරව රජය මෙම මිලදී ගැනීම සිදු කරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
“නියමුවන් රහිත ගුවන් යානා මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 4කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආවා. අපි මේවා මිලදී ගන්නේ කාගෙන්ද? ඊශ්‍රායලයෙන්,” යැයි හකීම් පැවසීය.
“ඇයි මේ හදිසිය? ටෙන්ඩර් කැඳවීමකින් තොරව කෙළින්ම මිලදී ගැනීම්වලට යනවා. ඇයි අපි ඊශ්‍රායලයෙන් මේ යානා මිලදී ගන්නේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
මෙම ගනුදෙනුව පිටුපස මූල්‍යමය වාසි පවතින බවටද සැක පළ කළ මන්ත්‍රීවරයා, ඊශ්‍රායල රජයෙන් කොපමණ කොමිස් මුදලක් ලැබී ඇත්දැයි කවුරුන් දන්නේදැයි විමසා සිටියේය. කෙසේ වෙතත්, එම චෝදනාව සනාථ කිරීමට ඔහු සාක්ෂි ඉදිරිපත් නොකළේය.
තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා, ඉරාන නෞකා නිරීක්ෂණය කිරීමට සහ අමෙරිකාවට බුද්ධි තොරතුරු සැපයීමට මෙම ඩ්‍රෝන යානා භාවිත කළ හැකි බවටද චෝදනා කළේය.
“මේ යානා මිලදී ගන්නේ ඉරානය ගැන ඔත්තු බැලීමට, ඉරාන නැව්වල ගමන් මග නිරීක්ෂණය කිරීමට සහ ඒ පිළිබඳ බුද්ධි තොරතුරු ලබා දීමටයි. අමෙරිකානුවන් වෙනුවෙන් ඔත්තු බැලීමට අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවන්නද හදන්නේ?” යැයි ඔහු ප්‍රශ්න කළේය.
රටේ විදේශ සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල විය හැකි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධ කර නොගන්නා ලෙස ඔහු රජයට අනතුරු ඇඟවීය. “එවැනි දේවල් කරලා අමාරුවේ වැටෙන්න එපා. ඔබ දැනටමත් ඇති තරම් ප්‍රශ්න නිර්මාණය කරගෙන තිබෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදය පිළිබඳව ද අවධානය යොමු කළ හකීම්, පලස්තීන වැසියන් දැඩි පීඩාවට පත්ව සිටින මොහොතක ඊශ්‍රායලයෙන් ගුවන් යානා මිලදී ගැනීමට රජය ගත් තීරණය දැඩි ලෙස විවේචනය කළේය.
“මේ මහ වැස්සේ ගාසා තීරයේ ජනතාව විඳින දුක දෙස බලන්න. ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඊශ්‍රායලයෙන් මේ යානා මිලදී ගැනීමට තීරණය කිරීමට පෙර පලස්තීනුවන් ගැන සිතන්න,” යනුවෙන් ඔහු ඉල්ලා සිටියේය.
රජයේ සමස්ත විදේශ ප්‍රතිපත්තියද විවේචනය කළ මන්ත්‍රීවරයා, ඉරානය සහ වෙනිසියුලාව සම්බන්ධ ජාත්‍යන්තර වර්ධනයන් හමුවේ නිසි ප්‍රතිචාර දැක්වීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ”ඔබේ විදේශ ප්‍රතිපත්තිය ගැන අපට දේශනා පවත්වන්න එපා” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart