
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නකල්ස් ප්‍රදේශයේදී අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු 15 හැවිරිදි දැරියක සහ අලුත උපන් බිළිඳකු සොයාගැනීමේ සිද්ධිය පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සිය කම්පනය පළකර තිබේ.
නොවැම්බර් 14 වැනිදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය පවසා ඇත්තේ, මවක ලෙස තමන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, කෙසේවෙතත් එම බාලවයස්කාර දැරිය සහ අලුත උපන් බිළිඳා මේ වන විට ආරක්ෂිතව සිටීම පිළිබඳව සැනසීමට පත්වන බවත්ය.
එම දරුවන් දෙදෙනාගේම කායික හා මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමටත්, ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීමටත් අවශ්‍ය සියලුම රාජ්‍ය මැදිහත්වීම් ක්‍රියාත්මක කරන ලෙස අදාළ දෙපාර්තමේන්තු වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇති බව ඇය සඳහන් කරයි.
නූතන සමාජයේ සංකීර්ණතා හමුවේ මාපියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින බව අමාත්‍යවරිය පවසයි.
දරුවන්ට වඩාත්ම ආරක්ෂිත පරිසරය විය යුතු ඔවුන්ගේ සමීපතම වටපිටාව තුළ පවා දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීමට මෙය හේතු වී ඇති බව ඇය පෙන්වාදෙයි.
පවුල් තුළ විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරන ඇය, කුමන තත්ත්වයක් යටතේ වුවද තමන් මාපියන් සමඟ ආරක්ෂිත බවට දරුවන් තුළ නොසැලෙන විශ්වාසයක් ඇති කිරීමට වගබලා ගන්නා ලෙස මාපියන්ගෙන් ඉල්ලා සිටියි.
ආරක්ෂිත පවුල් පරිසරයක් නිර්මාණය කිරීම සහ විවෘත සන්නිවේදනය දිරිමත් කිරීම තුළින් මෙවැනි භයානක හා කම්පන සහගත සිදුවීම් සිදුවීම සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බව ඇය වැඩිදුරටත් පවසයි.
අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සමඟ කටයුතු කරන රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වයන් වඩාත් සමීපව, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසදායක ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙම සිදුවීම මගින් ඉස්මතු කර ඇති බව අමාත්‍යවරිය සඳහන් කරයි.
අනාරක්ෂිත සහ අවදානම් තත්ත්වයන්ට පත්වන දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු පියවර අමාත්‍යාංශය විසින් ගනිමින් සිටින බව ද ඇය වැඩිදුරටත් අනාවරණය කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart