November 14, 2026

අනුරාධපුර රුවන්වැලිසෑය අසලදී විරෝධතාවයක නිරත වූ භික්ෂූන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තමන්ට එල්ල වූ ප්‍රහාරයකින් හිසට මැහුම් 14ක් දමා තමන් රෝහලෙන් පිටව යන බව රාජාංගණයේ සද්ධාරතන පවසයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් රාජාංගණයේ සද්ධාරතන ප්‍රකාශ කර ඇත්තේ, තම ජීවිතයට තවදුරටත් තර්ජන පවතින බවත්, තමන්ට ආරක්ෂාව සපයන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින බවත්ය.

එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය සහයෝගය පළකර ඇති රාජාංගණයේ සද්ධාරතන, තවදුරටත් කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් තමන් යළිත් අනුරාධපුරයට පැමිණෙන බවට ද අනතුරු අඟවා තිබේ.

ප්‍රතිකාර ලබන කාලය තුළ තමන්ට සහාය දැක්වූ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, පොලිසියට, ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ මහජනතාවට ද රාජාංගණයේ සද්ධාරතන සිය ස්තූතිය පුදකර ඇත.