
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ක්‍රිෂ්’ ගනුදෙනු නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නොවැම්බර් 03 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් ඇප නියෝගය අවලංගු කර ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම සම්බන්ධ තීරණය ලබන නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ අද නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ තනූජා බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ‘ක්‍රිෂ්’ ගනුදෙනු නඩුවට අදාළව 2026 නොවැම්බර් 03 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
තවද, මෙම පෙත්සමේ අවසන් නියෝගය මඟින් වගඋත්තරකාර නාමල් රාජපක්ෂට ලබා දී ඇති ඇප නියෝගය බලරහිත කර, නඩුව අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මේ අතර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තම සේවාදායකයාට ලබා දුන් ඇප නියෝගය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කළ ඉල්ලීම සලකා බැලීම සඳහා මහාධිකරණය විසින් නොවැම්බර් 25 වනදාට නියම කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart