
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ වනජීවී සම්පත සුරැකීම, අලි – මිනිස් ගැටුම අවම කිරීම සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් නව කැබ් රථ 84ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාර දී තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මෙම වාහන භාරදීමේ කටයුතු සිදු කෙරිණි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එක් අවස්ථාවකදී ලබා දුන් විශාලතම වාහන සංචිතය මෙය වන අතර, මේ සමඟ එම දෙපාර්තමේන්තුව සතු සමස්ත වාහන සංඛ්‍යාව 294ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව සතුව සිංගල් කැබ් රථ 84ක්, ඩබල් කැබ් රථ 16ක්, කෲ කැබ් රථ 03ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09ක් සහ අත් ට්‍රැක්ටරයක් පවතී.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව වනජීවී ක්ෂේත්‍රයේ දිගුකාලීනව පැවති මානව හා භෞතික සම්පත් හිඟය පියවීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම, මෙම නව වාහන බෙදා දීමේදී අලි – මිනිස් ගැටුම් සහ වන විනාශයන් බහුලව වාර්තා වන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය වනජීවී කාර්යාල සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart