
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ඩොලර් මිලියන 190ක ණය මුදලකින් ඉදිකර 2013 වසරේදී ගුවන් මෙහෙයුම් ආරම්භ කළ මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ, 2026 වසර වන විට රුපියල් මිලියන 70,000 ඉක්මවූ සමුච්චිත පාඩුවක් වාර්තා කර ඇති බව ජනාධිපතිවරයා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. මෙම පාඩුව වාර්ෂිකව තවදුරටත් ඉහළ යමින් පවතින බවද ඔහු පෙන්වාදුන්නේය.
මෙම තත්ත්වයට පිළියමක් ලෙස අන්තර්ජාතික සමාගම් සමඟ ඒකාබද්ධව ගුවන්තොටුපළ මෙහෙයුම්, දත්ත මධ්‍යස්ථාන (Data Centres), ආහාරපාන සැපයුම් සේවා සහ ගුවන් යානා සේවා හා නඩත්තු කටයුතු යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා දැනටමත් අභිලාෂ පළ කිරීම් (EOI) කැඳවා අවසන් කර තිබේ.
ඒ අනුව, තෝරාගත් සමාගම් වෙතින් යෝජනා කැඳවීම (RFP) සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉදිරි වසර තුළදී මෙම ව්‍යාපෘති සඳහා නව ආයෝජකයන් තෝරාගැනීමට රජය අපේක්ෂා කරන අතර, එමඟින් ගුවන්තොටුපළ ලාභදායී මට්ටමකට ගෙන ඒමට අරමුණු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart