November 12, 2026

කාවන්තිස්ස ඇතාගේ උදරයෙන් උණ්ඩ කොටස් තුනක් හමුවී ඇති බව, මහව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන ලද අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

මේ අතර, ඇතා වෙඩිතබා ඝාතනය කිරීමේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදෙන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න නියෝග කළාය.

මහජන දේපළ පනත යටතේ සැකකරුවන්ට ඇප ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, භාරයේ සිටින සැකකරුවන් දෙදෙනාට මීළඟ අධිකරණ දිනයේදී සාක්ෂි ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් නොවැම්බර් 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දර විසින් මෙම අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලදී.