
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රධාන රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙක වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) 2026 වසරේ පළමු මාස හය තුළ ලබා ඇති ඒකාබද්ධ පාඩුව රුපියල් මිලියන 203ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘2026 මැදි වසර රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවට’ අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 166ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති අතර, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එම කාලය තුළ රුපියල් මිලියන 37ක පාඩුවක් ලබා තිබේ.
රූපවාහිනී සංස්ථාව වසරේ මුල් මාස හය තුළ ලැබූ මෙම රුපියල් මිලියන 166ක පාඩුව, 2025 වසර පුරාම එම ආයතනය ලැබූ රුපියල් මිලියන 191ක පාඩුවෙන් 87%කට ආසන්න අගයකි. එම සංස්ථාව 2024 වසරේදී ද රුපියල් මිලියන 247ක පාඩුවක් වාර්තා කර තිබූ අතර, එමඟින් එහි පවතින අඛණ්ඩ මූල්‍ය දුෂ්කරතා පෙන්නුම් කෙරේ.
මේ අතර, 2024 වසරේදී රුපියල් මිලියන 3ක ලාභයක් සහ 2025 වසරේදී රුපියල් මිලියන 62ක ලාභයක් වාර්තා කර තිබූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, 2026 වසරේ පළමු මාස හය තුළදී පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත.
එමෙන්ම, මෙරට රාජ්‍ය ගුවන්විදුලි නාලිකාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ද 2026 ජනවාරි – ජූනි කාලය තුළ රුපියල් මිලියන 68ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති බව එම වාර්තාවේ දැක්වේ. ගුවන්විදුලි සංස්ථාව මීට පෙර 2024 වසරේදී රුපියල් මිලියන 176ක සහ 2025 වසරේදී රුපියල් මිලියන 203ක පාඩු වාර්තා කර තිබිණි.
ඒ අනුව, 2026 වසරේ පළමු මාස හය තුළ මෙම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුනේම මුළු පාඩුව රුපියල් මිලියන 271ක් වේ.
මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 2025 වසරේ මුල් භාගයේ ලැබූ රුපියල් බිලියන 227.8ක ඒකාබද්ධ ලාභයට සාපේක්ෂව, 2026 වසරේ පළමු භාගය තුළ රුපියල් බිලියන 259.3ක ඒකාබද්ධ ලාභයක් වාර්තා කර ඇති පසුබිමක මෙම දත්ත අනාවරණය වී තිබේ. සමාලෝචනයට ලක් වූ කාලපරිච්ඡේදය තුළ රාජ්‍ය බැංකු කිහිපයක් සහ ප්‍රධාන වාණිජ ව්‍යවසායන් සැලකිය යුතු ලාභයක් වාර්තා කර ඇතත්, මෙම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන තවදුරටත් පාඩු ලබන ආයතන ලෙස පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart