
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේ සේතුපති, 2025 වසරේ අන්තර්ජාතික රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක්කෙරෙන 54 වැනි අන්තර්ජාතික එමී සම්මාන උළෙලේ(International Emmy Awards) සම්මාන පිරිනමන්කු ලෙස තේරී පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ගෞරවණීය සම්මාන උළෙලක සම්මානයක් පිරිනැමීම සඳහා තේරී පත් වූ ප්‍රථම ඉන්දීය ජාතිකයා බවට විජේ සේතුපති පත්වීම ඉන්දියාවට ලද සුවිශේෂී ජයග්‍රහණයකි.
අන්තර්ජාතික රූපවාහිනී කලා සහ විද්‍යා ඇකඩමියේ (IATAS) මණ්ඩල සාමාජිකාවක වන කවිතා ගුප්තා, මෙම වේදිකාවට විජේ පැමිණීම තහවුරු කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත.
2024 වසරේ පැවැති 52 වැනි අන්තර්ජාතික එමී සම්මාන උළෙල මෙහෙයවීම සඳහා ප්‍රකට විකට නළු වීර් දාස් ප්‍රථම ඉන්දීය මෙහෙයවන්නා ලෙස සම්බන්ධ කර ගැනීමටද ඇය මුලපූරා තිබිණි.
ලොව පුරා හොඳම රූපවාහිනී වැඩසටහන් ඇගයීමට ලක්කෙරෙන වඩාත් සම්භාවනීය සම්මාන උළෙලක් වන 54 වැනි අන්තර්ජාතික එමී සම්මාන රාත්‍රිය නොවැම්බර් 23 වැනි සඳුදා නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර ඉන්දියාවේ නියෝජනය විජේ සේතුපතිගේ සහභාගීත්වයට පමණක් සීමා නොවන්නේ, ප්‍රධාන අංශ දෙකක් යටතේ සම්මාන සඳහා ඉන්දියානු නිර්මාණ නිර්දේශ වී තිබීම හේතුවෙනි.
SonyLIV හි ‘Real Kashmir Football Club’ ක්‍රීඩා නාට්‍ය මාලාව හොඳම නාට්‍ය මාලාව අංශයෙන් නිර්දේශ වී ඇති අතර, නෙට්ෆ්ලික්ස් හි ‘Vir Das: Fool Volume’ වැඩසටහන හොඳම හාස්‍ය නාට්‍ය මාලාව ලෙස නිර්දේශ වී ඇත.
මහේෂ් මාතායි සහ රාජේෂ් මාපුස්කාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Real Kashmir Football Club’ හි මොහොමඩ් ෂීෂාන් අයුබ් සහ මානව් කවුල් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. ‘Fool Volume’ යනු වීර් දාස්ගේ නවතම නෙට්ෆ්ලික්ස් හාස්‍ය වැඩසටහනයි.
මෙවර එක්සත් රාජධානිය සම්මාන නාම යෝජනා 14ක් ලබාගෙන ඇති අතර බ්‍රසීලය නාම යෝජනා 9ක් ලබාගනිමින් ඊළඟට සිටී. හොඳම නාට්‍ය මාලාව අංශයෙන් ඉන්දියාවේ ‘Real Kashmir Football Club’ තරග කරන්නේ ‘A Thousand Blows’ (එක්සත් රාජධානිය), ‘Carême’ (ප්‍රංශය) සහ ‘Menem’ (ආර්ජන්ටිනාව) යන නිර්මාණ සමඟිනි.
හොඳම හාස්‍ය මාලාව අංශයේ ‘Vir Das: Fool Volume’ සමඟින් ආර්ජන්ටිනාවේ ‘División Palermo’ , එක්සත් රාජධානියේ ‘Man vs Baby’ සහ ස්පාඤ්ඤයේ ‘Old Dog, New Tricks’ තරග වදී.
හොඳම නළුවා සඳහා ජේවියර් කැමරා (Jakarta), රිකාඩෝ දාරින් (The Eternaut), ඉයන් රොබට්ස් (A Kind of Madness) සහ බොබී ස්කොෆීල්ඩ් (Unforgivable) තරග වදින අතර, හොඳම නිළිය (Best Performance by an Actress) සඳහා මොනා මිනා ලියොන් (Holy Sh!t), බාබරා මොරි (Lucca’s World), පාර්ක් ජි-හ්යුන් (You and Everything Else) සහ ෂෙරිඩන් ස්මිත් (I Fought the Law) යන ශිල්පීන් නිර්දේශ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart