
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතලේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඓතිහාසික පූජනීය ස්ථාන දෙකක සිදුවූ මහාපරිමාණ සොරකම් දෙකක් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වාර්තාවන්ට අනුව ඓතිහාසික කවටයාමුණ රජ මහා විහාරයේ චෛත්‍යයේ පළඳවා තිබූ මිල කළ නොහැකි චූඩා මාණික්‍යය මෙන්ම මාතලේ පලාපත්වෙල ශ්‍රී විෂ්ණු දේවාලයේ දේව ප්‍රතිමාවට පළඳවා තිබූ රන්, රිදී සහ මැණික් ආභරණ තොගයක් මෙලෙස සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත.
ඊයේ (05) අලුයම් කාලයේදී මෙම සොරකම් සිදුව ඇති බවට අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විහාරස්ථාන සහ දේවාල බලධාරීන් විසින් පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
අතීතයේ කවටයාමුණ යෝධයා විසින් ඉදිකරන ලදැයි සැලකෙන කවටයාමුණ රජ මහා විහාරයේ සොරකම් කරන ලද චූඩා මාණික්‍යය අතිශය පෞරාණික මෙන්ම ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුක්ත එකක් බව සඳහන් වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලිසිය විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායම් යොදවා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart