
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඩු භාණ්ඩයක් ලෙස ගිනිගත්හේන පොලිස් භාරයේ තිබූ වල්ඌරකුගේ මළකුණක් ගිනිගත්හේන පශු වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මස් පිණිස හෝටලයකට අලෙවි කළ බව කියන එම පොලිසියේ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පුද්ගලයන් පිරිසක් වල් ඌරකු ඝාතනය කර ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරන බවට ගිනිගත්හේන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් තිදෙනකු සමග ඝාතනය කළ වල් ඌරාගේ මළකුණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව පසු දින සැකකාර නිලධාරීන් තිදෙනා පශුවෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා වල්ඌරාගේ මළකුණ ගිනිගත් හේන පශු වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි එම මළකුණට භූමිතෙල් දමා ගිනිතැබීමක් සිදුනොකර, ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් එම මළකුණ මස්කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව සැකකාර නිලධාරීන් තිදෙනා එම වල්ඌරු මස් එම ප්‍රදේශයේ පිහිටි වෙනත් හෝටලයකට අලෙවි කර තිබූ බව පොලිසිය පවසයි.
එම හෝටලයේ ඌරු මස් අලෙවි කරන බවට හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකාර නිලධාරීන් තිදෙනා එම හෝටලයට වල් ඌරුමස් අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව එම නිලධාරීන් කළ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන්ගේ රාජකාරී වැඩ තහනම් කිරීමට හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන ඇත. (ලංකාදීප)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart