
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ බලවත් මත්ද්‍රව්‍ය හා බැඳුණු ‘කළු රාජ්‍යයක්’ නිර්මාණය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ඔවුන්ගේ අතිවිශාල ධනය භාවිත කරමින් දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන කෙරෙහි බලපෑම් එල්ල කරන බවට හෙතෙම චෝදනා කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ‘ඉවත්වෙනු’ මෙහෙයුමේ වසරක ඇගයුම, ආගමික සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද සඳහන් කළේය.
“මේ කෝටි 22,000ක මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විශාල ශක්තිමත් ජාලයක් නිර්මාණය වී තිබෙනවා. මෙම ජාලය බිඳනොදමා මත්ද්‍රව්‍ය අපගේ රටෙන් ඉවත් කරන්න බැහැ. මෙම මහා විශාල ධනස්කන්ධය නිසා රාජ්‍ය නිලධාරීන්, රේගු දෙපාර්තමේන්තුවේ සමහර අය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අය, ආගමන විගමන නිලධාරීන්, පොලිසියේ සමහර නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් පවා මිලදී ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන කුඩු ජාවාරම්කරුවන් පළාත් පාලන ආයතනවල සභාපති ධූරවලට සහ නියෝජිතයන් බවට පවා පත් වීමේ හැකියාව ලබා ගත්තා. මෙම මත්ද්‍රව්‍යයෙන් උපයා ගන්න මහාධනස්කන්ධය සමග දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමට පටන් ගත්තා.
අද මෙම ව්‍යසනය මුළු සමාජයම ගිලගනිමින් තිබෙනවා. තවදුරටත් ගරු කටයුතු කිසිදු ස්ථානයක් ඉතිරි වන්නේ නැහැ. වැඳ නමස්කාරයට සහ ගෞරවයට බඳුන්වන ආගමික සංස්ථාවන් තුළට මේ ව්‍යසනය ගලායමින් තිබෙනවා. වසර දෙදහස් ගණනක් මුළුල්ලේ ජන සමාජය ගොඩනැගීමේදී දෙපා ගෙවෙනකම් ගම් නියම්ගම් කරා වැඩම කළ අපේ මහා සංඝරත්න සහ සංඝ සමාජය වෙතත් අඩුවැඩි වශයෙන් මෙය ගලාගෙන ගොස් තිබෙනවා. අනෙකුත් ආගමික සංස්ථාවන් වෙතද මෙය ව්‍යාප්ත වී තිබෙනවා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන මේ සියල්ල මීට ගොදුරු වී තිබෙනවා.
අපට මතුපිටින් පෙනෙන රාජ්‍ය යන්ත්‍රණය වෙනුවට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන කළු රාජ්‍ය යන්ත්‍රණයක්’ නිර්මාණය වී තිබෙනවා. මෙය තවදුරටත් වර්ධනය වුණොත් ගෞරවයට පාත්‍ර වුණු සමාජය බලාපොරොත්තුවලින් ඉන්න සමාජය විධිමත්භාවයට ගේන මේ සියලු යාන්ත්‍රණ තවදුරටත් වළංගු නැති යාන්ත්‍රණ බවට පත් වෙනවා. ඔවුන් උපයාගන්නා මහා කළු ධනයෙන් ඔවුන්ට හැකියාව ලැබෙනවා මේ සියල්ල තමන්ගේ අතට ගන්න. එහෙනම් මා කියනවා නැවතත් අපිට පාරවල් දෙකක් තියෙනවා.
ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කළු රාජ්‍යයේ ඉන්න, අපි අපිට පැවරී තිබෙන රාජ්‍යයේ වැඩ කරගෙන ඉන්නවා. එහෙම තමයි ගොඩක් අය හිටියේ. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට තීරණය අරන් තිබෙනවා, අප මේ කළු රාජ්‍යය පරාජයට පත් කරනවා, මේක බිඳ වට්ටනවා. මත්ද්‍රව්‍ය හා බැඳුනු කළු රාජ්‍යය බිඳ වැට්ටීමකින් තොරව අපේ දරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart