
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට පුරෝකථනය කර තිබූ 2.88%ක ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. විදුලි ක්ෂේත්රයේ ආයතන විසින් ඉදිරිපත් කරන ලද පිරිවැය වාර්තා පිළිබඳ මූලික සමාලෝචනයකින් පසුව මෙම තීරණය ගෙන ඇත.
නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිත මහජන මත විමසුමකට පෙර නිකුත් කරන ලද උපදේශන ලේඛනයකට අනුව, ඔක්තෝබර්-දෙසැම්බර් කාලසීමාව සඳහා රුපියල් බිලියන 4.4ක ආදායම් හිඟයක් පුරෝකථනය කරමින් මුල් යෝජනාව සකස් කර තිබිණි.
මෙම කාර්තුව සඳහා සමස්ත විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154කි.
කෙසේ වෙතත්, කොමිෂන් සභාව විසින් සිදුකළ මූලික ඇගයීමේදී, වැඩි වූ ජනන ධාරිතා පිරිවැය සහ බාල ගුණාත්මකභාවයෙන් යුත් ගල්අඟුරු භාවිතය සම්බන්ධ වියදම් ඇතුළු සංශෝධනය කළ යුතු පිරිවැය අයිතම කිහිපයක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් අමතර පිරිවැය අයිතම, එනම් විදුලි සැපයුම් සංවර්ධන ව්‍යාපෘතියක ණය ආපසු ගෙවීම්වලට අදාළ රුපියල් බිලියන 1.1ක මුදලක් ද ඇතුළුව, කොමිෂන් සභාව විසින් ඉවත් කර ඇත.
මීට අමතරව, ජනන ධාරිතා පිරිවැයේ සිදුකර තිබූ ඉහළ නැංවීම් ඉවත් කිරීමටත්, 2026 දෙවැනි කාර්තුවේදී භාවිත කරන ලද බාල ගල් අඟුරු සඳහා වූ අමතර ඇස්තමේන්තුගත වියදම් සංශෝධනය කිරීමටත් පියවර ගෙන තිබේ.
මෙම සංශෝධනයන් හේතුවෙන් ඇස්තමේන්තුගත ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතය 1.46% දක්වා පහත බැස ඇත.
පසුගිය කාර්තුවට සාපේක්ෂව ගල් අඟුරු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන එම ලේඛනය, ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ජනනය අඩුවීම හේතුවෙන් දෙසැම්බර් මාසයේ විදුලි ජනන පිරිවැය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට වඩා 34%කින් පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරයි.
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට පෙර මහජන මත විමසුමේදී අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත්, මේ වන තෙක් අවසාන වශයෙන් කිසිදු ගාස්තු ඉහළ නැංවීමක් අනුමත කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart