
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර, පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි තැබීමකින් 27 හැවිරිදි රිමාන්ඩ් බන්ධනාගාරගත රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු වාර්තා වන අතර, එම මරණය සිදුවූ ආකාරය පිළිබඳව මියගිය රැඳවියාගේ ඥාතීන් සැක පළ කර සිටිති.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න සඳහන් කළේ, අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ඊයේ රාත්‍රී 8.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර, එම අවස්ථාවේදී අදාළ රැඳවියා බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කර ඇති බවද පැවසේ.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට නිසි පරිදි දැනුම් දීමක් සිදු නොකළ බවත්, මරණය පිළිබඳව දැනගැනීමට ලැබුණේ වෙනත් පුද්ගලයින් මාර්ගයෙන් බවත් මියගිය රැඳවියාගේ පවුලේ ඥාතීහු චෝදනා කරති. සිද්ධියෙන් පසු තොරතුරු විමසා සිටීම සඳහා තමන් ගලගෙදර පොලිසියට සහ රෝහලට ගියද, සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව කිසිදු පැහැදිලි පැහැදිලි කිරීමක් ලබා නොදුන් බව ඔවුහු වැඩිදුරටත් පවසති.
එමෙන්ම, මියගිය තරුණයාගේ මුහුණ පවා දැක බලා ගැනීමට තමන්ට අවස්ථාව ලබා නොදුන් බවත්, මරණය සම්බන්ධයෙන් ලැබුණේ ඉතා සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් ඥාතීහු සඳහන් කරති. මියගිය පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇත්තේ දින තුනක් වැනි කෙටි කාලයක් පමණක් බවත්, ඔහුගේ ශරීරයේ ඇටකටු බිඳී තිබූ බවට තොරතුරු ලැබී ඇති බවත් එක් ඥාතියෙකු සඳහන් කළේය.
සිය ඥාතියාගේ ජීවිතය නැවත ලබාගත නොහැකි වුවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. මීට මාස හයකට පමණ පෙර විවාහ වී ඇති ඔහුගේ බිරිඳ දැනට මාස දෙකක ගැබිනියක් බවද වාර්තා වේ. හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කර තිබිණි. ඔහු සතියක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇති බවටද මීට පෙර තොරතුරු වාර්තා වී තිබිණි.
සිද්ධියෙන් අනතුරුව මෘත ශරීරය මහනුවර ජාතික රෝහල වෙත යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart